කොළඹ වරායේ සටනට සහය දීමට ත්‍රිකුණාමල වරාය සේවකයන් එක්වෙයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු දීමට එරෙහිව වෘත්තිය සමිති මව් සංගම් ගෙන යන අරගලයට සහය දීමක් ලෙස අද(31) සිට ත්‍රිකුණාමල වරාය සේවකයන් ද අකුරට වැඩකිරීමේ ව්‍යාපාරයක් දියත් කළ බව ත්‍රිකුණාමල වරාය සේවකයින් පවසයි.

හෙට (01) සදුදා දිනයේ දිවා ආහාර විවේකයේදි ත්‍රිකුණාමල වරාය දොරටුව ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විමටද කටයුතු යොදා ඇති බව ඒකාබද්ධ වෘත්තිය සමිති නිවේදනය කරයි.

ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමයේ ත්‍රිකුණාමල වරාය ශාඛාවේ ලේකම් ඒ.සි.තොටවත්ත, වාණිජ හා ප්‍රගතිශිලි සේවක සංගමයේ ත්‍රිකුණාමල වරාය ශාඛාවේ ලේකම් ජ්.කේ.රම්‍ය කුමාර, ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමයේ ත්‍රිකුණාමල වරාය ශාඛාවේ සභාපති එච්. එම්. ඒ.හේරත්, සමස්ථ ලංකා වරාය පොදු සේවක සමිතියේ ත්‍රිකුණාමල වරාය ශාඛාවේ ලේකම් ජි.පුණ්‍යසිරි සරත් යන අයගේ අත්සනින් යුතුව නිකුත් කල ඒකාබද්ධ නිවේදනයේ සඳහන් වෙයි.

Leave A Reply

Your email address will not be published.