නූතන කාන්තාව අලු‍ත් ඇසකින් දකිමු

සරල ජීවන ක්‍රමයක් පැවැති එදා සමාජය තුළ කාන්තාව ඉතා සරල ජීවිතයක් ගත කරනු ලැබුවා. ඇයගේ වගකීම වුණේ, තම දරුවන් රැකබලා ගනිමින්, ගෙදර-දොරේ වැඩ සහ වතුපිටිවල වැඩ කරමින් නිදහසේ ජීවත් වීමයි. අධ්‍යාපනය සහ රැකියාව යන දෙඅංශය එදා සමාජ තත්ත්වය තුළ කාන්තාවකට වලංගු නොවන තරම් ය. සමස්තයක් ලෙස ගත් කල  කාන්තාවට එදවස පැවතුණේ ම මුළුතැන් ගැන්වුණු ජීවිතයකි.

නමුත්, අද වන විට එකී තත්ත්වය සම්පූර්ණයෙන් ම වෙනස් වී ඇත. එදා අම්මලා දරුවො හත අටක් වෙනුවෙන් හරි අපූරුවට තමන්ගේ භූමිකාව මෙහෙයවනු ලැබුවත්, අද වන විට අම්මා කෙනකුට දරුවෝ එක්කෙනෙක්, දෙන්නෙක් හිටිය ද, තමන්ගේ කාර්ය කොටස හරියාකාරව මෙහෙයැවීමට කිසිසේත් ඉඩකඩ  විවර වී නැත. සීමාව ඇහිරිලා ඇත. ලෝකයේ දියුණු වීමත් සමඟම එදා පැවතියා වූ සරල බව බටහිරකරණයේ නව්‍යකරණයත් සමඟ ම ඉතාමත් කාර්යබහුල වූ සමාජයක් වේගයෙන් නිර්මාණය වී තිබේ.

සැබැවින් ම අද වන විට කාන්තාවකට තමන් පිළිබඳව සොයාබැලීමට පවා ඉඩක් වෙන් කර ගැනීමට කාලයක් නොමැති තරම් ය. ඒ තරම් ම සමාජය තුළ අවිවේකී චරිතයක් බවට පත් වී හමාරය.

ඒත් සමඟම කාන්තාව එදා මෙන් නොව වර්තමානයේ සමාජය තුළ කැපීපෙනෙන චරිතයක් වී ඇත. කාන්තාව සෑම අතින් ම එදාට වඩා ඉදිරියෙන් ඉන්නා පිරිසක් බවට පත්ව ඇත. කාන්තාවට වගකීම් දරන්නට සිදු වී ඇත. ස්වාමිපුරුෂයාට පමණක් පවුලක බර කරට දී සිටින්නට බැරි තැනට සමාජය පත්වීමත් සමඟ රැකියාවක් කිරීම කාන්තාවකට අත්‍යවශ්‍ය ම සාධකයක් ලෙස නිර්මාණය වී තිබේ.

පිරිමියකුට හා සමානව ම කාන්තාවකට නූතනයට හැඩගැසී කටයුතු කරන්නට සිදු වී ඇත.

සමහර අවස්ථාවල පුරුෂයකුට එහා ගිය කාර්ය කොටසක් සිදු කිරීමට තරම් කාන්තාව සමාජයට  හැඩගැසී සිටින්නී ය.

එමෙන් ම, තමන්ගේ දරුවන් ගැන බැලීමට, ස්වාමිපුරුෂයාගේ ඕනෑ-එපාකම් බැලීමට, නෑදෑ හිතමිත්‍රාදීන් සමඟ කටයුතු කිරීමට, අසල්වාසීන් සමඟ කටයුතු කිරීමට, රැකියා කරන ස්ථානය සමඟ කටයුතු සිදු කිරීමට ආදී එකී නොකී විවිධ කාරණා රැසක් හැසිර වීමට ඇයට සිදු වී ඇත.

සැබැවින් ම අද වන විට කාන්තාවකට තමන් පිළිබඳව සොයාබැලීමට පවා ඉඩක් වෙන් කර ගැනීමට කාලයක් නොමැති තරම් ය. ඒ තරම් ම සමාජය තුළ අවිවේකී චරිතයක් බවට පත් වී හමාරය.

මෙම සාධකත් සමඟ සලකා බැලීමේ දී නූතන කාන්තාව එදා කාන්තාවට වඩා හාත්පසින්ම වෙනස් භූමිකාවක් මෙහෙයවනු ලබන අතර සමාජය තුළ වඩා වැදගත් භූමිකාවක් නිරූපණය කරන බව නොරහසකි. නමුත්, දියුණු වන සමාජය සමඟ ඇයගේ කාර්යභාරයන් එක්ක කාන්තාවට හිමි විය යුතු තැන හිමි වනවා ද? නැද්ද යන්න පිළිබඳව පවතින්නේ හිඩැසකි.

කාන්තාවට හිමි විය යුතු තැන ලබා දීම මෙන් ම දියණියක, සොයුරියක, බිරිඳක, මවක, මිත්තණියක ලෙස සමාජයට මහා මෙහෙවරක් කරන නූතන කාන්තාව සුරක්ෂිත කිරීම සියල්ලන්ගේ ම වගකීමක් නොවේ ද?

සංජානා තන්ත්‍රීගේ
Leave A Reply

Your email address will not be published.