“බලයෙන් ඔලුව උදුම්මාගෙන වැඩ කරන්න බෑ. ප්‍රතිඵල අපට භුක්ති විඳින්න වෙයි”

ප්‍රේම්නාත් සී. දොළවත්ත

බලයෙන් ඔලුව උදුම්මාගෙන වැඩ කරන්න බෑ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමට උත්සාහ කළොත් මේ රජයට එහි ප්‍රතිඵල භුක්ති විඳින්නට සිදුවනු ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොළවත්ත අනතුරු හඟවයි.

පෙරෙයිදා 28 කොළඹදී මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවකදී මෙම අදහස් පළකළේය.

“අපි ජාතික සම්පත් විකුණන්නෙ නෑ කියලා බලයට ආපු ආණ්ඩුවක්. ඒ නිසා අපට අයිතියක් නෑ එහෙම කරන්න. ඒ නිසා ඉල්ලා සිටිනවා ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් මේ සම්බන්ධයෙන් ජනතාවට කන්දෙන්න කියල ”

නමුත් බහුතරයක් ජනතාව කියන්නේ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමකට දෙනවා කියලයි. මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයක්.

“ඒ ගොල්ලො ඉතිං කියයි. දෙනවාම කියලාත් කියයි. නමුත් ඉතිං ඒවාවල ප්‍රතිඵල අපට භුක්ති විඳින්න වෙයි. මොකද හේතුව, ජනතාව මෝඩ නෑ. ජනතාව මහින්ද රාජපක්ෂ කියන යුද්ධෙ දිනපු ඒ මහා නායකයාව 2015 පැරැද්දුවා. ඊට පස්සෙ අවුරුදු දෙකක් ගන්න ගියෙ නෑ, යහපාලන ආණ්ඩුව අවුරුදු දෙකෙන් පැරැද්දුවා. ඒ වෙලාවෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිත් එක්ක හිටියෙත් නෑ. ඉතිං ඒක නිසා එහෙම බලයෙන් ඉදිමිලා, බලයෙන් ඔළුව උදුම්මාගෙන වැඩ කරන්න බෑ” යනුවෙනුයි ඒ දොළවත්ත මහතා සඳහන් කළේ.

 

Leave A Reply

Your email address will not be published.