මියදෙන්න පන අදින දහයියාගල අලි කොරිඩෝව

මේ ගිනි ගෙන දැවී යන්නේ උඩවලත් බෝගහපට්ටියත් යා කරමින් මෙතුවක් කාලයක් නොයේක විද බාදක කම්කටොලු විදිමින් ප්‍රදේශීය අමන දේශපාලකයින්ගෙ නොමද සරදමට විනාශයට ලක් වෙමින් තම පැවෙත්ම යන්තන් හෝ තහවුරු කරගනිමින් සිටි පොකුනුතැන්න දහයියාගල රක්ශිත වන උයනයි.

ඇය උපන්දා පටන්ම දුක් විදි ගැහැනියකි.ඒ ගැන කියන්න දන්නෙ ඇයම පමනි.කතා කල හැකිනම් උඩවලවේ අලි රංචු කියාවි ඇගේ කතාව විලාප නගා.

ජීවතුන් අතර හිටියනම් වලවෙ රාජා කල්තොට රාජා කියාවි බෝගහපට්ටිය කල්තොට කදු මුදුනෙ ඉදන් දහයියගල හරහා උඩවලවට ආපු අපූරුව.ඒ එන ගමනෙ සුරක්ශිත මංකඩ උනු දහයියාගල අබයබූමිය රැකවරනය දුන්නු අපුරූව.අද දවසෙ උඩවලවෙදි සෆරියෙන් දකින අලිය තවත් දවසක බෝගහපට්ටියට කරමැට්ට කන්න දහයියගල හරහ යන වග අඩු තරමින් එ අලි දකින කිසි කෙනෙක් හිතුවෙ වත් දන්නෙ වත් නැතුව ඇති.ඒත් ඒ හැම අලියටම ආදරනීය රැකවරනය දෙන්න ඇයට පුලුවන් උනෙ හැමදාමත් හිත යට සැගවුනු කියාගන්න බැරි වේදනාවකින් බව උබත් එක්ක හිටපු අපි එදා වගේම අදත් දන්නව.උබේ සීමාව වපසරිය මොහොතින් මොහොත අඩු වෙද්දි 2002 දි ගැසට් උනු කොල කෑල්ලෙන් උබ ටිකක් හෝ පරිස්සම් උනත් 2007 වෙද්දි උබට ඒ නිදහස නැත්තටම නැති කරන්න හැදුව බව දන්නෙ එදා එතන උබ වෙනුවෙන් හිටපු උන් ම පමනයි.

අවංක වනජීවි නිලදාරින් වන රවීන්ද්‍ර මහත්තය [කල්තොට හිටපු රේන්ජර් මහත්තය]දිවි පරුදුවට තියල මේ සටන ගෙනගියෙ නැත්තන් අදටත් මේ ටිකවත් ඉතිරි වෙන්නෙ නැති බව ඇය හොදටම දන්නව.එවකට හිටි දක්ශ වනජීවි නිලදාරීන් මේ වෙනුවෙන් කැප උනු හැටි අදටත් මට මතක් වෙනව.ගුනවර්දන මහත්තයල චන්ද්‍රසිරි මහත්තයල මගෙ මතෙකෙට එනව.එ වගේම සියලු පරිසර සංවිදාන එකතු උනු හැටි උද්ගෝශනය කල හැටි සටන ජයගත් හැටි මට අදටත් සිහි වෙනව.

අදටත් බෝගහපට්ටිය ගැන කිසියම් හෝ ජීව විද්ය්යාත්මක ලියවිල්ලක් සකසා ඇත්නම් ඒ විශ්ස්‍රම ලත් වනජීවි නිලදාරී චන්ද්‍රසිරි මහත්තයම විතරක් වෙන්නත් පුලුවන්.එදා කිසියම් නිදහසක් ලැබුවත් තවත් අවුරුදු 14 කට පසුව නැවතත් ඇයට සිය අයිතිවාසිකම නැතිවී යාමට සිදුවීම කෙතරම් කනගාටුවක්ද,ඇය විසින් පෝශනය කල ජීවත් වීමට ඉඩ දුන් මෙවන් අරටු බැස්ස ගස් වැල් අද ගිනිගෙන පිලිස්සෙමින් තම අවසන් හුස්ම පොද වාතලයට මුසු කරන්නේද මිනිස් සතාට ජීවත් වීමට හුස්මක් හෝ ලබා දී වීම කෙතරම් දුකද්ද?

ඉතිහාසය පුරා දුක් විදි ඇය අනාගතයේදී මියයන්නේ නිකම්ම නොවන වග තේරුම් ගත හැක්කේ ගැටලුව ගැටලුවක් ලෙස පෙනෙන ප්‍රායෝගික මිනිසුන්ට ම පමනි.තමා නියෝජනය කරන පක්ශයේ හෝ පාට මත නොසිට අවංක චේතනාවෙන් ගැටලුව දෙස නිවරදිව බලන්නේ නම් බොහොම සාදාරනීය විසදුමකට යා හැකි බව මා තේරුම් ගත් සත්ය වන්නේය.අවසානයෙ සිදුවන්නේ තියෙන ගැටලුව පසෙකලා විසාල ගැටලුවකට අහින්සක වනසතුනුත් සාම්ප්‍රදායික ගැමියාත් පත්වී අන්ත අසරන තැනකට ඇද දැමීමයි.

Leave A Reply

Your email address will not be published.