“බණ්ඩාරනාය දිවි පුදා ජනසතු කළ කොළඹ වරාය අද අහිමි වෙමින් යනවා”
බණ්ඩාරනායක මහතා ඝාතනයට ලක්වූයේ කොළඹ වරාය ජනසතු කිරීමට තීරණය කිරීම නිසා බවත් ඔහු දිවි පුදා ජනසතු කළ කොළඹ වරාය අද අහිමි වීමේ අවධානමක් මතුව ඇතැයි ඩිව් ගුණසේකර පවසයි.
“ශ්‍රී ලංකාවේ ඉදිරි මඟ” මැයෙන් මාතර ප්‍රදේශයේ පැවති රැස්වීමකදී අදහස් දක්වමින් ඩිව් ගුණසේකර වැඩිදුරටත් පවසන්නේ, පෘතුගීසීන්, ලන්දේසීන්, ඉංග්‍රීසීන් ශ්‍රී ලංකාව අත්පත් කර ගැනීමට මූලික වූයේ මේ වරාය නිසා. මෝඩි මහත්තය නම් කරලම එවල තියනවා අදානිට දෙන්න කියල. අපේ පරමාධිපත්‍යය ලොවට ප්‍රකාශ වෙන්නේ ගුවන්තොටුපලවල් හා වරායවල් මගින්. වරාය ඉන්දියාවට දීමෙන් මහා බලවතුන්ගේ යුද්ධයක ගොදුරක් බවට ශ්‍රී ලංකාව ඉදිරියේදී පත්වේවි. මේක අපේ ආර්ථික මර්මස්ථානයක්, ජාතික වස්තුවක්, සටන් බිමක් ඒ නිසා අපි ජනාධිපතිතුමාට සහ කැබිනට් එකට කියනවා මේක යළි සළකා බලන්න. දැන් තිබෙන්නේ අලුත් ලෝක තත්වයක් යනුවෙනි.