පවිත්‍රා දැඩි සත්කාර ඒකකයේ

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඊයේ (28) අයිඩීඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

ඇය හික්කඩුවේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ පෙරවරුවේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල වෙත මාරු කර යවා තිබිණි.

කෙසේ වෙතත් කොවිඩ්-19 රෝග ලක්ෂණ පෙනෙන්නට පටන් ගැනීමත් සමඟ ඇය ඊයේ සවස IDH රෝහල වෙත රැගෙන ගොස් තිබිණි.

ඉන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළේ ඇය සුවය ලබමින් සිටින බවයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ වන විට අයිඩීඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave A Reply

Your email address will not be published.