වරාය වෘත්තීය සමිති නියෝජිතයින් අස්ගිරි සහ මල්වතු හිමි වරුන් දැනුවත් කරයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදුදීම සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබදව වරාය වෘත්තීය සමිති නියෝජිතයින් අද(28) පෙරවරුවේ මහනුවරට පැමිණ අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ මහා නාහිමිවරුන් දැනුවත් කර තිබේ.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ සහ නැගෙනහිර පර්යන්තය සුරකීමේ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු ශ්‍යාමල් සුමරත්න පැවසුවේ, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කොටස් ඉන්දීය සමාගමකට ලබාදීමට එරෙහිව හෙට දිනයේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි .

Leave A Reply

Your email address will not be published.