ඉන්දියනු ගොවියන් දිල්ලිය වට කිරීම

ගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට ඉන්දියානු ගොවියන් දස දහස් ගණනින් දිල්ලි අගනුවර වටකර සිටිති. තම ඉල්ලීම් ලැබෙන තෙක් ඔවුන් ආපසු හැරී සිය ගම්  බිම් බලා නොයන බව ගොවියෝ දිවූරා කියා සිටිති. මෝඩි ආණ්ඩුව විසින් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සම්මත කල අසාධාරණ කෘෂිකාර්මික නීති තුනක් අවලංගු කරන ලෙස ඔව්හු ඉල්ලා සිටිති. ඉන්දියාවේ 80% පමණ ගොවියන් මධ්‍යම සහ කුඩා ගොවියන් මෙන්ම කෘෂිකාර්මික කම්කරුවෝය. එම නිසා කෘෂිකාර්මික ශේෂ්ත්රයේ පනවන නීති අතිශයින්ම ග්‍රාමීය ජනතාවට තීරණාත්මක ලෙස බල පෑමක් කරයි. එමෙන්ම ඉන්දියානු කෘෂ්කර්මික ඉතිහාසය ගොවි ජනතාවගේ මානව ඛේධවාචකයක නිමක් නැති ඉතිහාසයක් සමග සම්බන්ධ වෙයි. එනම් ඉන්දියාවේ ගොවියන්ගේ සිය දිවි නසා ගැනීම ලෝක පරිමාණයෙන් ගත් විට අතිශයින්ම වැඩිය. 1995 සිට 2015 දක්වා 2,96438 ක් සිය දිවි නසා ගෙන ඇත. 2019 පමණක් දිවි නසාගත් සංඛ්‍යාව 10,281 වෙයි. දිනකට සාමාන්‍යයෙන් ගොවියෝ 20 ක් පමණ දිවි නසා ගනිති. දැනට සටනට සම්බන්ධව සිටින ගොවියන් 50 ක් පමණ මේ දක්වා දිවි නසා ගෙන ඇත්තේ විශ්වාස භංගත්වයට පත් වීම නිසාය.
මෝඩි ආණ්ඩුව පසු ගිය සැප්තැම්බර් මාසයේ හඳුන්වාදුන් කෘෂිකාර්මික පනත් තුන වර්තමානමානයේ ගොවියන්ගේ දුක්ඛිත  තත්වය තවත් දරුණු අතට හැරෙනු ඇතැයි ගොවි සංවිධාන විශ්වාස කරති. ගොවියන්ගේ සමිති 21 ක් මේ සටනට සම්බන්ධව සිටිති .  කෘෂිකාර්මික පනත් තුනෙන් කරනු ලබන්නේ දැනට පවතින සහතික මිල ක්‍රමය අහෝසි කර දැමීමයි. මෙයින් වන්නේ ගොවියන් තව දුරටත් ආරක්ෂා කල සහතික මිල නොමැතිව මිලදී ගන්නවුන්ගේ මිලට විකිණීමෙන් තිබු සුළු හෝ ලාභය නැතිව ගොස් ඔවුන් තවත් දුක්ඛිත තත්වයට පත් වීමයි. එමෙන්ම ගොවියනට තවදුරටත් නිශ්චිත ස්ථානයකට තම කෘෂිභාණ්ඩ ගෙන ගොස් අලෙවි කිරීම අහෝසි කර දමයි. එමෙන්ම ගොවියන් කෘෂිභාන්ඩ විකිණීම සඳහා වගා කිරීමට කලින් කොම්පැනි සමග කොන්ත්‍රාත් පදනම යට තේ ගිවිසුමකට එළඹිය යුතුය. ප්‍රාදේශීය රාජ්‍යන්ට කෘෂිකර්මික භාන්ඩ සඳහා බදු අය කිරීම තහනම් කරයි. මෙය මධ්‍යම ආණ්ඩුව තමනට අයත් නොවන විෂයන්ට අත ගැසීමක් වන බව ගොවි නායකයයෝ පෙන්වා දෙති.
ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ අනපනත් යම්කිසි කල සීමාවකට නවතන ලෙස නියෝගයක් කලද මේවා සම්පුර්ණයෙන්ම අහෝසි කරන තුරු තමන් ආපසු නොයන බව ගොවියෝ ප්‍රකාශ කරති. මේ ගොවියන් පැමිණ ඇත්තේ හරියනා, ගුජරාට, උත්තර ප්‍රදේශ මෙන්ම තමිල්නාඩු සහ කේරල යන ප්‍රාන්ත රාජ්‍යයන් ගෙනි. ලෝක් සභාවේ විශේෂ සැසිවාරයක් කැඳවා නීති අහෝසි කරන ලෙස ගොවියෝ බල කර සිටිති.
මේ පනත් මගින් මෝඩි ආණ්ඩුවේ ධනපති සුරතලුන් වී ඇති අදානි සහ අම්භානි වැනි ධනපතියන්ට මෙයින් වාසි සැලසෙන බව ගොවියෝ පෙන්වා දෙති. සත්තකින්ම ඔවුන්ගේ කොම්පැනි සමග කෘෂිභාණ්ඩ සඳහා පුර්ව සම්මුති වලට එළඹීමට ගොවියන්ට බල කරනු ඇත.
ඉන්දියානු ගොවියන් පමණක් නොව තමන්ගේ ශක්තිය සහ අධිෂ්ඨානය පිලිබදව පැහැදිලි තක්සේරුවකට ඒමට ගොවියන්ට පමණක් නොව අනෙක් වැඩකරන ජනතාවට මෙයින් ඉඩ ලැබෙනු ඇත. දැනට පවතින සමගිය සහ ජනතා සහයෝගය අතින් ඔවුන් පරාජය වෙතැයි සිතිය නොහැකිය. කෙසේ වෙතත් මෙය ඔවුන් නැවත දිල්ලිය වට කිරීමට යම්කිසි දිනක පැමිණෙනු ඇත. එදිනට දිල්ලියේ කම්කරු ජනතාව එක්වුව හොත් එය ඔවුන්ගේ භාග්‍ය වනු ඇත. මේ ගොවි සටන ඉන්දියානු සමාජ පෙරළියක අතිශයින්ම වැදගත් සන්ධිස්ථානයක් වීම වැලක් විය නොහැකිය.
ඔවුන්ට විජයග්‍රහණය පතමු!!!
-දයාපාල තිරාණගම (fb)

Leave A Reply

Your email address will not be published.