රත්නපුර අයි.එස්. බොරුවේ ඇත්ත කතාව ‘අලුත් පියාපත්’ කියයි

4

පසුගිය දින වල මහත් ආන්දෝලනයක් ඇති කරමින් රත්නපුර නගරයට ප්‍රහාරයක් එල්ල කිරීමට රූගත කිරීම් කරන ලද්දේ යයි කියමින් අනුෂ්ක දිල්හාර සහ මුස්ලිම් තරුණයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමේ ඇත්ත කතාව රටට හෙළි කරමින් අලුත් පියාපත් සංවිධානය විසින් අද (05) මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය. ඒ අදාළ සිදුවීමට මුහුණ දුන් අනුෂ්ක දිල්හාරගේ ද සහභාගීත්වයෙනි.

”අපි හැම අවුරුද්දකම රත්නපුරයේ විශේෂ සිදුවීම් රූ ගත කරමින් ඡායාරූප ඇල්බම් එකක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කළා. මෙවරත් අපි එවැනි රූගත කිරීමක් සිදු කරමින් ඉන්න වෙලාවක තමයි මේ අත් අඩංගුවට ගැනීම කළේ. අවස්ථාවාදී සහ ජාතිවාදී සුළු පිරිසක් විසින් ඇති කරපු තත්ත්වයක් නිසයි මෙවැනි තත්ත්වවක් ඇති වුණේ. ඒත් පස්සෙ තේරුම් ගත්තා ඔවුන් කරපු දේ වැරදියි කියල. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අපිව අත් අඩංගුවට ගත්තත් ඒ චෝදනා ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් තිබුණෙ නැහැ. රත්නපුර නගරයේ සිතියම් කියල මාධ්‍යයට පෙන්නුවෙ ආර්ථික විද්‍යා සටහන් ටිකක්. සුළු පිරිසකගෙ අවශ්‍යතාවයත්, වගකිවයුත්තන් හරියට කරුණු හොයන්නෙ නැතුව චෝදනා එල්ල කිරීමත්, මාධ්‍ය විසින් වගකීම් විරහිත විදිහට කටයුතු කිරීමත් නිසා තත්ත්වය දුරදිග ගියා. ඒත් අද ඒ සියල්ල වැරදියි කියල ඔප්පු වෙලා තියෙනව විතරක් නෙමෙයි, අපිට බොරු චෝදනා කරපු අයට රත්නපුර නගරයට එන්නවත් බැරි තත්ත්වයක් ඇති වෙලා” යයි අනුෂ්ක දිල්හාර මාධ්‍ය අමතමින් පැවසීය.

අලුත් පියාපත් සංවිධානය වෙනුවෙන් එහි මෙහෙයුම් කමිටු සාමාජිකයන් වන නාරද බක්මීවැව සහ චතුර දිසානායක මෙහිදී අදහස් දැක්වූ අතර එහි මෙහෙයුම් කමිටු සාමාජිකයන් වන නිර්මාණ වීරසිංහ හා නියාස් මොහොමඩ් ඉර්ෂාඩ් ද ඊට සහභාගි වූහ.

Previous articleපූජිත්, හේමසිරි රිමාන්ඩ්
Next articleමරණීය දණ්ඩනය කල් දාන්න අධිකරණයෙන් නියෝගයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here