දීකිරට ඇමෙරිකන් බළල්ලුත් සාක්කි – “ජැටිය ඉන්දියාවට දීම අත්‍යාවශ්‍යයි”

කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ සංවර්ධනය සඳහා ඉන්දියානු සමාගමක් සම්බන්ධ වීම ශ්‍රී ලංකාවේ සමුද්‍රීය අනාගතය සඳහා අත්‍යවශ්‍ය කාරණයක් වන බව ඇමරිකා එක්සත් ජනපද ශ්‍රී ලංකා තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් කියා සිටී.

මේ සඳහා ඉන්දියානු සමාගමක් සම්බන්ධ වීම තුළින් ශ්‍රී ලංකාවට වැදගත් ආර්ථික සංවර්ධනයක් අත්පත්කරගත හැකි බවනු ඇති බවත් චීනය, ශ්‍රී ලංකාවේ සබඳතා ගැන සැලකිලිමත් වන තාක්කල් එක්සත් ජනපදය, රටවල් අතර හවුල්කාරිත්වය විවෘත, විනිවිද පෙනෙන සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක විය යුතු බව පෙන්වා දෙන බවත් ඇමරිකානු තානාපතිනිය සඳහන් කර ඇත.

ඇමරිකානු තානාපතිනිය මේ බව අනාවරණය කර ඇත්තේ මාධ්‍යවේදීන් පිරිසක් සමග පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

මේ වනවිට චීනයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව එකම පෙරමුණක කටයුතු කරමින් සිටින අතර පසුගියදා ජපානයේ පැවති එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ජපානය සිව්පාර්ශවයේ ආරක්ෂක සමුළුවද එහිම අවස්ථාවක් විය.

Leave A Reply

Your email address will not be published.