පානදුර ඝාතනයට සැකපිට මියගිය අය සමග ත්‍රීරෝද රථයේ ගමන් කළ අනෙක් තැනැත්තා අත්අඩංගුවට ගනී

පානදුර පල්ලිමුල්ල හන්දියේදි යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරිමට අදාළව ඝාතනය වූ තැනැත්තා සමග ත්‍රීරෝද රථයේ ගමන් කළ අනෙක් පුද්ගලයා පොලිසිය මගින් අද (27) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

මත් කුඩු ජාවාරමක ගණුදෙනුවක් විමදා ගත නොහැකිව මෙලෙස මෙම පුද්ගලයාට වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් පරික්ෂණ පවත්වන අතර ඔවුනට ලැබුණු බුද්ධි තොරතුරක් මත මිය ගිය පුද්ගලයා සමග ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි අනෙක් තැනැත්තා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

දැනට ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බවද ඔහු කීවේය. මීට අමතරව මිටියාගොඩ ප්‍රදේශයේ ඉන්ධන හලක් අසලදි පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරිම සම්බන්ධයෙන් පුද්ගලයන් 4 දෙනෙක් අපරාධයට යොදාගත් උල් පිහි 2 ක්, කඩුවක්, මන්නයක් හා යතුරු පැදි 2 ක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

Leave A Reply

Your email address will not be published.