අත්අඩංගුවට පත් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ජුලි මස 9 වනදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (03) නියෝග කළාය. සැකකරුවන් දෙදෙනා එදිනට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.
පූජිත ජයසුන්දර නාරාහේන්පිට පොලිස් රෝහලේ සහ හේමසිරි ප්‍රනාන්දු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීම බන්ධනාගාර නිලධාරීන් යටතට පත් කර ඇත.
පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් මේ දෙදෙනාට චෝදනා එල්ල වී ඇති අතර ඔවුන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් දැනුම් දී තිබිණ.