නවීන් එ.ජා.ප ජාතික සංවිධායකධූරයෙන් ඉවත්වේ
හිටපු අමාත්‍ය නවීන් දිසානායක එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරය භාර නොගන්නා බව අද (26) පක්ෂයට දැනුම් දී තිබේ.
නවීන් දිසානායක අදාළ දැනුම් දීම කර ඇත්තේ පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යවමිනි.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ලෙස නවීන් දිසානායකට දිගටම කටයුතු කරන ලෙසට අවසන් වරට පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී යෝජනා විය. එම තනතුර බාර ගැනීම හෝ නොගැනීම පිළිබඳ දැනුම්දීම සඳහා දින 10ක කාලයක් ලබා දෙන ලෙස නවීන් දිසානායක එහිදී කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීමට කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය හිමි විය.
මේ අනුව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධූරය භාර නොගත්තද නායකත්වය සහ පක්ෂය සමඟ දිගටම රැඳී සිටින බව නවීන් දිසානායක සඳහන් කර තිබේ.