රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ස්වයං නිරෝධායනයට

ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍ය වරයා පසුගියදා රූපවාහිනී නාලිකාවක පැවැති දේශපාලන වැඩසටහනකට පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර සමග සහභාගී වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට කොවිඩ් -19 වැලදී ඇති බව ඊයේ (25) තහවුරු වීමත් සමග රාජ්‍ය අමාත්‍යවරයාද පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකර මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුව සිටින බව වාර්තාවේ.

මෙම රූපවාහිනී වැඩසටහනටම විපක්ෂය නියෝජනය කරමින් සහභාගීවූ සමඟි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි මහත්වරුන්ද මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුව සිටියි.

Leave A Reply

Your email address will not be published.