මෙරට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයින්ගේ සිරුරු අනිවාර්යයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය ඉවත්කරගන්නා කරන ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය රජයෙන් ඉල්ලීමක් කරයි.
කෙසේ වෙතත් අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ අදාළ වාර්තාව ප්‍රතික්ෂේප කරන බවය. ඒ මාධ්‍යවේදියෙකු මාධ්‍ය හමුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
කොවිඩ් මළසිරුරු ආදාහනය කිරීම මුස්ලිම් ජනතාව ඇතුළු සුළු ජාතිකයින්ගේ විශ්වාසයන්ට පටහැනි බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥයින් සිව්දෙනෙක් විසින් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
මානව හිමිකම් පිළිබඳ විශේෂඥයින් පවසන්නේ කොවිඩ් ආසාදිත හෝ සැක කෙරෙන පුද්ගලයින්ගේ මළ සිරුරු ආදාහනය කිරීම එකම විකල්පය ලෙස ශ්‍රී ලංකා රජය විසින් සැලකුව ද එම සිරුරු මිහිදන් කිරීමෙන් වෛරස ව්‍යාප්තිය ඉහළ යන බවට ශ්‍රී ලංකාවේ හෝ වෙනත් කිසිදු රටකින් වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වී නොමැති බවයි.
අද (26) පෙරවරුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරඇති මෙම වාර්තාව පිළිබඳව සිටියේය.