රන්ජන් රාමනායක අඟුණකොළපැලැස්ස ට

සිවු වසරක සිරදඬුවම් නියමව මීගමුව, පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි රංජන් රාමනායක ගේ නිරෝධායන කාලසීමාව අවසන් වීම හේතුවෙන් ඔහු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා තැබීමට කටයුතු කරමින් තිබෙන බව බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පසුගිය 12 වැනිදා ලබාදුන් නියෝගයක් අනුව, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා මෙලෙස සිරගත කෙරිණි. සිරදඬුවම් නියමවූවන් බන්ධනාගාරගත වීමට පෙරාතුව දින 14ක් නිරෝධායනය කළ යුතුව ඇති බැවින් ඔහුව එදින ම පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබිනි.

Leave A Reply

Your email address will not be published.