Rainco වෙතින් COVID-19 වසංගතයට එරෙහිව සනීපාරක්ෂක පහසුකම් රැසක්

COVID-19 ගෝලීය වසංගතයෙන් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීමෙහිලා සෞඛ්‍ය අංශ සහ රජය ක්‍රියාත්මක කර ඇති කොරෝනා මර්දන ජාතික මෙහෙයුම ශක්තිමත් කිරීම සඳහා පසුගිය කාලය මුළුල්ලේ ම සක්‍රීය දායකත්වයක් එක් කළ කීර්තිමත් ශ්‍රී ලාංකීය සමාගමක් වන Rainco පෞද්ගලික සමාගම විසින් සමාජ සත්කාරක ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන කොළඹ මධ්‍යම රොටරි සමාජයේ COVID-19 ප්‍රජා සත්කාරක වැඩසටහන වෙත පසුගිය දා සේදුම් කට්ටල පරිත්‍යාගයක් සිදු කෙරිණ.

‘වෙනස් වෙන්න – තමන්ගෙන්ම පටන්ගන්න’ (Be the Change – It Stars with You) තේමාව යටතේ සෞඛ්‍යාරක්ෂණ පුරුදු අත්නොහැර – මඟ නොහැර පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කරමින් Rainco දියත් කළ සමාජ සත්කාරක වැඩපිළිවෙළ යටතේ තවත් එක් පියවරක් ලෙස Rainco පෞද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අහමඩ් අරූස් මහතාගේ ප්‍රධානත්වයෙන් එම පරිත්‍යාගය සිදු කෙරිණ. එම සේදුම් කට්ටල පරිත්‍යාගය හරහා කොළඹ නගරය ආශ්‍රිතව මහජනතාව ගැවසෙන පොදු ස්ථාන රැසක සනීපාරක්ෂක පහසුකම් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

Rainco පෞද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අහමඩ් අරූස් මහතා එම පරිත්‍යාගය පිළිබඳව අදහස් දක්වමින්, “ආකල්පමය වෙනසක් තුළින් සෞඛ්‍යාරක්ෂණ පුරුදු හුරුවෙමින් නිවසේ දීත්, බාහිර පරිසරයේ දීත් තමාගේත්, අනෙකාගේත් ආරක්ෂාව පිළිබඳ වගකීම්සහගත දිවිපෙවෙතක් ගත කිරීමෙන් ඉතාම පුංචි වෙනසකින් පවා විශාල වෙනසක් ඇති කර ගන්න පුළුවන්. අපි එකමුතුව මේ ගැන කල්පනාකාරීව කටයුතු කළොත් COVID-19 අභියෝගය ජය ගැනීම අමාරු නැහැ” යැයි පැවසීය●

Leave A Reply

Your email address will not be published.