තවත් කොවිඩ් අසාදිත මරණ 4 ක් , 50 ට අඩු කාන්තාවන් දෙදෙනෙක්
අද (25)දින මෙරට කොවිඩ් අසාදිත මරණ 4 වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.
මෙම කොවිඩ් අසාදිත මරණ 4 ත් සමඟ මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 287 ලෙස ඉහල යයි.
අද දිනයේ මෙලෙස මියගොස් ඇත්තේ බේරුවල ප්‍රදේශයේ පදිංචි 49හැවිරිදි සහ දැරණියගල ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි කාන්තාවක්, වරකාගොඩ 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 8 පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.