” රෝහල් පිරීයාමට ආසන්නයි, පෙබරවාරි වෙනකොට තත්වය තවත් දරුණු වේවි,”

- GMOA

“මේ වන විට රට පුරා මතුවන කොරෝනා පොකුරු සහ දිනපතා හමුවන ආසාදිතයන් ප්‍රමාණය සැලකිල්ලට ගත් කල ඉදිරි පෙබරවාරි මස මැදභාගය වන විට කොරෝනා වසංගත තත්වය මෙරට තුළ ඉතා දරුණු මට්ටමකට පත්වෙනු ඇති බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය සඳහන් කරයි.”,

මේ අතරින් ද බස්නාහිර පළාතේ කොරෝනා අවදානම යළි දිනෙන් දින ඉහළ ගොස් ඇත. එසේම දිනක් තුළදී කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ආසාදිතයන් 480 ක් ඊයේ (24) දිනයේදී හඳුනා ගැනුණු බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

මේ වනවිට කොරෝනා ආසාදිතයින් සඳහා රෝහල්වල වෙන්කර ඇති ඇඳන් සංඛ්‍යාව උපරිම මට්ටමට ළඟාවෙමින් පවතින බව වාර්තා පෙන්වන අතර පවතින තත්ත්වය හමුවේ උත්සව සඳහා සීමා පැනවීම ඇතුළු උපක්‍රමශීලි ක්‍රියාමාර්ගවලට යොමුවිය යුතු බව වෛද්‍ය හරිත අලුත්ගේ වැඩිදුරටත් කියා සිටියි.

Leave A Reply

Your email address will not be published.