වසන්ත යාපා මන්ත්‍රීවරයාගේ ආශ්‍රිතයන් සොයයි

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරට කොවිඩ් -19 වයිරසය ආසාදනය වී තිබෙන බව අද(25) දිනයේ තහවුරු වීමත් සමඟ එම මන්ත්‍රීවරයාගේ ළගම ආශ්‍රිතයින් පිළිබදව සොයා බැලීමේ මෙහෙයුමක් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව මගින් සහ පාර්ලිමේන්තුවේ cctv දර්ශන මගින්ද ආරම්භ කර තිබේ.

මේ අතර වසන්ත යාපා මන්ත්‍රීවරයාගේ කාර්ය මණ්ඩලයේ හා ඔහු ළඟම ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් 30 දෙනෙකු අද (25) දිනය තුළ පී.සී.ආර් පරීක්ෂණයට යොමු කර ඇත.

වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා පසුගිය සති දෙකක කාලය තුළ ග්‍රාම සේවා කොට්ඨාස විශාල ප්‍රමාණයක් ආවරණය වන පරිදි ග්‍රාමීය රැස්වීම් පවත්වා ඇති අතර මහනුවර දිස්ත්‍රික් පරිපාලන නිලධාරින් සමග ඔහු රැස්වීම් තුනක් ද පවත්වා තිබෙන බවද වාර්තා වෙයි. මෙම රැස්වීම් සඳහා සහබාගී වූ පිරිස් සහ මන්ත්‍රීවරයා ගේ ආශ්‍රිතයන් පිලිබඳ සොයා බැලීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බවද වාර්තාවේ.

Leave A Reply

Your email address will not be published.