වව්නතිව් පොලිස් නිලධාරීන් ඝාතනය ගැන ශානි කතා කරයි !

පාස්කු ප්‍රහාරයට පෙර 2018 වසරේ නොවැම්බර් 30 වැනිදා වවුනතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික බුද්ධි සේවය සහ හමුදා බුද්ධි අංශ ලබාදුන් සෑම බුද්ධි වාර්තාවකම සඳහන්ව තිබූණේ එම ඝාතනය එල්ටීටීඊ සංවිධානය විසින් සිදුකරනු ලැබූ ඝාතනයක් බවට යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අද (25) පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ශනය කරන ජනාධිපති කොමිසමට දැනුම් දුන්නේය.

ජාතික ⁣රෝහලේ 42 වැනි වාට්ටුවේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් මේ බව කීවේය. එම සිද්ධිය සම්බන්ධයෙන් ජාතික බුද්ධි සේවය සහ හමුදා බුද්ධි අංශ ලබාදුන් වාර්තා 06ක් කොමිසම විසින් ශානි අබේසේකරට පෙන්වනු ලැබූ අතර, එම වාර්තා සලකා බලා අබේසේකර මෙසේ සදහන් කළේය.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සංජීව දිසානායක සාක්ෂි විමසීම මෙහෙයවූ අතර, සාක්ෂි විමසීම ආරම්භයේදී ශානි අබේසේකරගේ සේවා කාලයේදී සිදුකළ විමර්ශන සම්බන්ධයෙන් සහ සේවා කාලය සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරිණි.

Leave A Reply

Your email address will not be published.