ගම්පහ දිස්ත්‍රික් ඉඩම් කාර්යාලය 15 මට කොරෝනා

ගම්පහ දිස්ත්‍රික් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 15 දෙනෙකු,අද (25) දිනයේ කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වීම මත එම කාර්යාලය නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබෙන බව ගම්පහ දිසාපති සුනිල් ජයලත් පවසයි.

ගම්පහ විජය පාරේ පිහිටි කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකුට උණ සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම මත අද (25) සවස කාර්ය මණ්ඩලයේ 31 දෙනෙකු ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයට භාජනය කිරීමේදී ඉන් 10 දෙනෙකු ආසාදිතයින් බව හදුනා ගෙන තිබේ.

අද සවස එහි කාර්ය මණ්ඩලයෙහි තවත් 100 දෙනෙකුට පී.සී.ආර්. පරීක්ෂණය සදහා යොමු කළ බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කීය.

මෙහි තවත් පිරිසක් ගම්පහ රෝහලේදී පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කිරීමේ දී පස් දෙනෙකු ආසාදිතයින් බවට තහවුරුවී ඇත.

Leave A Reply

Your email address will not be published.