පූජිතත් පොලිස් රෝහලේ

පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙ න හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට අද (02) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබුණි. එහෙත් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර එකකයට ඇතුළත් වන්නේ හදිසි හෘදයාබාධයක් හේතුවෙනි. ඒ නිසා ඔහු අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටින බව වාර්තා විය.

එසේම මීට සුලු මොහොතකට පෙර වාර්තා වුණේ පූජිත් ජයසුන්දර ද නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කරනු ලැබූ බවයි.

Leave A Reply

Your email address will not be published.

one × 1 =