කලබලකාරී කොළඹ හොඳම රථගාල ‘HYDEPARKING’

පවතින කලබලකාරී වටපිටාව සහ වාහන තදබදය හේතුවෙන් කොළඹ නගරය තුළ වාහනයක් නවතා තැබීමට තැනක් සොයාගැනීම ඉතා අමිහිරි අත්දැකීමකි. මේ සඳහා කදිම විසඳුමක් සපයමින් පසුගිය දා කොළඹ 02, හයිඩ් පාර්ක් කෝනර්හි, අංක 75 දරන ස්ථානයේ ‘HYDEPARKING’ රථ ගාල විවෘත විය.

සාපේක්ෂව සාධාරණ ගාස්තු යටතේ ඕනෑම වාහනයක් කොළඹ කේන්ද්‍රස්ථානය වන මෙම ප්‍රදේශයේ ‘HYDEPARKING’ හි පහසුවෙන් මෙන්ම ඉතා ආරක්ෂාකාරීව නැවැත්වීමේ පහසුකම් ඇත.

මෙහිදී තමාට අවශ්‍ය පරිදි පැයකට, දිනකට, එක් රාත්‍රියකට හෝ මාසිකව ගෙවීමේ පැකේජ තෝරා ගත හැකිය.

මෙම රථගාල භාවිත කිරීමේ තවත් වාසියක් වන්නේ, මෙහි වාහනය නවත්වා ඉන් පසු නගර ශාලාව, කොල්ලුපිටිය, ගාලුමුවදොර, කොටුව, පිටකොටුව හෝ වාහන නැවැත්වීමේ පහසුකම් ඉතාමත් සීමිත වෙනත් තදාසන්න ප්‍රදේශයකට ගමන් කිරීමට ඔබට ‘HYDEPARKING’ වෙතින්ම මෙහෙයවනු ලබන ත්‍රිරෝද රථයක් ලබා ගැනීමේ හැකියාවයි.

හිරු රශ්මියෙන් මෙන්ම වර්ෂාවෙන් ඔබේ වාහනය ආරක්ෂා වන පරිදි ආවරණය කරන ලද භූමියක් තුළ දෛනිකව හෝ දිගුකාලීනව ගාල් කිරීමේ පහසුව සහ සී.සී.ටී.වී. කැමරා ඔස්සේ මෙන්ම පැය 24 පුරා ක්‍රියාත්මක වන ආරක්ෂක සේවයක් ‘HYDEPARKING’ වෙතින් ඔබට ලැබේ.

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් ‘HYDEPARKING’ කළමනාකරණය සහ මෙහෙයැවීම සිදු කරනු ලබයි. ඉරිදා සහ පෝය දින හැර දිනපතා පෙරවරු 7.00 සිට පස්වරු 10.00 දක්වා ‘HYDEPARKING’ විවෘතව ඇත●

 

Leave A Reply

Your email address will not be published.