ප්‍රේමය නුඹ..
දුකක් නෑ මෙතරම්,
සෙනේ ළය පුරන්නට පෙර..
මිලින වුණි නම්..
ප්‍රේමය…
වනමල් කැකුළු සේ
දුකක් කොහි ද එතරම්,
හෙල් තැනිතලාවේ..
ගලා ගියෙ නම්..
ප්‍රේමය…
සිහිලැල් ගඟුල් සේ
දුකක් නෑ මෙතරම්,
අරුණ කැන් දහරින්..
වියැකී ගියෙ නම්..
ප්‍රේමය…
බොල් පිනි පොකුරු සේ
දුකක් කොහි ද එතරම්,
හිරිකඩ වැසි වැටී…
බොදව ගියෙ නම්…
ප්‍රේමය…
දේදුනු වලා සේ…