සී.අයි.ඩී.යට එන්නැයි නියෝගය ලද සැනින් හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් අසාධ්‍ය වී රෝහලේ

පසුගිය අප්‍රේල් 23දා පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා විසින් වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්නට නියෝග කර ඇත. නීතිපතිවරයා විසින් දැනුම්දී ඇත්තේ මෙම දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන සිද්ධියේ සැකකරුවන් වශයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

මේ අතර පූජිත ජයසුන්දරට සහ හේමසිරි ප්‍රනාන්දුට අද පෙරවරුවේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ. එහෙත් හේමසිරි ප‍්‍රනාන්දු හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලු කර ඇත. හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මෙසේ ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබේ.

Leave A Reply

Your email address will not be published.

four + 15 =