එල්ලා මරන්න වධකයන් බඳවාගෙන අවසන්

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා වධකයන් දෙදෙනකු බඳවා ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. ඔවුන් දෙදෙනා මේ වන විට එල්ලුම්ගස ඇති වැලිකඩ බන්ධනාගාර පරිශ‍්‍රයෙහි අදාළ පුහුණුවීම් සිදු කරමින් සිටින බව ද වාර්තා වේ.

ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් කළ බව මෑතකදී ප‍්‍රකාශ කල අතර බන්ධනාගාරය විසින්ද ඉක්මනින්ම එල්ලුම්ගහ නිසි ලෙස සකස් කිරීම සිදු කරන ලදී. කෙසේ වෙතත් මේ වන තෙක් ජනාධිපතිවරයාගෙන් නියෝගයක් අධිකරණ අමාත්‍යාංශය ලැබී නැති බවද වාර්තා වෙයි.

මේ අතර ජනාධිපතිවරයා වෙත යවන ලද නම් 18ක ලයිස්තුවේ සිටින මරණ දඬුවම නියම වූ සිරකරුවන් බන්ධනාගාර තුළ ඉමහත් ආතතියෙන් පසුවන බව එහි ආරංචි මාර්ග කියා සිටී.

Leave A Reply

Your email address will not be published.

2 × one =