සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චිටත් කොරෝනා
සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චිට හා ඇගේ සැමියාට කොවිඩ් ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කරයි.
සෞඛ්‍ය ඇමතිනියගේ ස්වාමි පුරුෂයා වන කාංචන ජයරත්නට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසු ඇමතිනිය ද පරීක්ෂණයට ලක් කර ඇති අතර එහිදි ඇයටද කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු කීවේය.
ඇමතිනිය පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා නෙළුම් මාවතේ පොදුජන පෙරමුණේ රැස්වීම් කිහිපයකට සහභාගි වී ඇතැයිද වාර්තා වේ.