”පැණිය එක්ස්ෆයර්ඩ්නේ පැණිය ගැන මගෙන් අහන්න එපා”

- අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද මාධ්‍යට අදහස් දැක්වීමක් සිදුවූ අතර එහිදී පැණිය සම්බන්ධයෙන් තීරණයක් ගෙන ඇත්දැයි යන්න මාධ්‍යවේදියෙකු කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ ”පැණිය එක්ස්ෆයර්ඩ්නේ පැණිය ගැන ආයුර්වේදයෙන් අහන්න මගෙන් අහන්න එපා” යනුවෙන් පිළිතුරු දුන්නේය.

මාධ්‍යවේදියෙකු පෙරළා ඇයගෙන් ඇසුවේ “එහෙත් ඊයේ දිනයේත් එම පැණිය බෙදා තිබෙනවා” ඇති බවයි.

”ඒකට මම පිළිතුරු දෙන්නේ නැහැ, මගෙන් වැක්සින් එක ගැන අහන්න මම ඒකට උත්තර දෙන්නම්.” යනුවෙන් අමාත්‍යවරිය පිළිතුර මග හැර ගියේය.

ශ්‍රී ලංකාවට හොද ජාතික ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තිබෙන හෙයින් කොරෝනා එන්නත දීම අභියෝගයක් නොවන බව ද
කොරෝනා වෛරසයට එරෙහිව හැකි ඉක්මණින් එන්නත ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරිය මෙහිදී කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරිය ,
”තාම එන්නත ලබා දීලා තියෙන්නේ ලෝකයේ රටවල් කිහිපයයි. හැබැයි ඒ සඳහා සම්පූර්ණ සූදානම තියෙනවා. හැකි ඉකමණින් අපි එන්නත ලබා දෙනවා. එන්නත ලබා දෙන පළමු අවස්ථාව මෙය නෙවෙයි ලංකාවේ. ලංකාවේ අවුරුදු 50කට වඩා ඉතාමත්ම හොඳ ජාතික ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තියෙනවා. අපේ දරුවන්ට එන්නත්කරණය කරලා 99%ක ආවරණයක් තියෙන ඉතාමත් සාර්ථක වැඩසටහන් කරලා තියෙනවා. අපි පෝලියෝ රෝගය තුරන් කරලා තිබෙනවා. සරම්ප තුරන් කරලා තිබෙනවා. රුබෙල්ලා තුරන් කරලා තිබෙනවා. එහෙම සාර්ථකව කටයුතු කරපු රටක්. මේ කොරෝනා වක්සින් එක දෙන එක අපිට ලොකු අභියෝගයක් නෙවෙයි.”
පළමුවන අදියර ලෙස පෙබරවාරි මැද වන විට එන්නත්කිරිම ආරම්භ කිරීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

 

Leave A Reply

Your email address will not be published.