‘ජාතියේ හදවත දෙපළු නොකරනු – ඩොලර් මැෂිම රැකගමු’ අද වරාය ඉදිරිපිට උද්ඝෝෂණය

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියානු ‘අදානි’ සමාගමට බදුදීමට රජය ගෙන ඇති තීරණය වහාම ඉවත්කර ගන්නා ලෙස පවසමින් වරාය වෘත්තීය සමිති එකමුතුව ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් එක්ව සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ වරායේ ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිට අද (22) පැවැත්විණි.

මේ සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ , විවිධ අංශයන්හි සේවයේ නියුතු සේවක සේවිකාවන් විශාල පිරිසක් මෙම උද්ගෝෂණය සඳහා සහභාගී වූ අතර දැඩි පොලිස් රැකවල් ද මේ වෙනුවෙන් යොදවා තිබෙන අයුරු දැකගත හැකි විය.
‘ජාතියේ හදවත දෙපළු නොකරනු – ඩොලර් මැෂිම රැකගමු’ යන තේමාව යටතේ මෙය පැවැත්විනි.

නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමට මෙම පර්යන්තය බදුදීමට එරෙහිව ඉදිරියේදී මුළු රටේම ජනතාව පෙළගැස්සීමට තමන් ඉදිරියේදී කටයුතු කරන බව වරාය වෘත්තීය සමිති එකමුතුවේ ක්‍රියාකාරීහු මෙහිදී පැවසීය.

Leave A Reply

Your email address will not be published.

13 + 7 =