මාරාන්තික උපවාසයට සහය දක්වමින් සූරියවැවේ උද්ඝෝෂණයක් !
යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය කඩිනමින් ගැසට් කරන ලෙස බලකිරීමේ උද්ඝෝෂණයක් අද (22) පස්වරුවේ සූරියවැව ප්රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.
වල්සපුගල වැව් කණ්ඩිය මත පසුගිය 20 දා සිට පැවැත්වෙන මාරාන්තික උපවාසයට සහාය දක්වමින් පැවති උද්ඝෝෂණයට ප්රදේශයේ පීඩාවට පත් ගම්මාන රැසක් නියෝජනය කරමින් ගොවි ජනතාව සහභාගි වූහ.