වෙන්නප්පුව සමුපකාර සමිතියේ 40 ක් ආසාදිත වේ

වෙන්නප්පුව විවිධ සේවා සමුපකාර සමිතියේ ප්‍රධාන කාර්යාලයේ සේවය කරන සේවකයින් 40 කට කොව්ඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බවට ඊයේ (21) රාත්‍රියේදී තහවුරු වී ඇති බව වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.

මුලින් මෙහි සේවකයින් ‍දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට සොයා ගැනීමත් සමඟ එහි තවත් සේවකයින් 78 කුට සිදුකරන ලද පී.සී.ආර් පරීක්ෂණවල ප්‍රතිපල අනුව මෙම ආසාදිතයින් වාර්තා වී තිබේ.

මෙම ආසාදිතයින් පිරිස වෙන්නප්පුව, ලුණුවිල, ගාලවත්ත, වයික්කාල, නයිනමඩම මිරිස්සන්කොටුව දන්කොටුව හා මාරවිල ප්‍රදේශවල පදිංචිකරුවන් බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පවසයි.

මෙම ආසාදිතයින් ඊයේ (21) රාත්‍රියේම බිංගිරිය හා දඹදෙණිය කොව්ඩි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර ආසාදිතයින්ගේ පවුල්වල ආශ්‍රිතයන් 500 කට වැඩි පිරිසක් නිරෝධානයට ලක් කල බව වෙන්නප්පුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා මාධ්‍යට පවසා ඇත.

Leave A Reply

Your email address will not be published.