බැග්ඩෑඩ් නුවර මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් 32 ක් මියයයි
ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට ඊයේ (21) පස්වරුවේ එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර දෙකෙන් මියගිය ගණන 32 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කලක් නතරවී තිබුනද වසර තුනකට පසු ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට එල්ල වූ මාරාන්තිකම ප්‍රහාරය මෙය බවත් ප්‍රහාරයෙන් මේ වනවිට 110 දෙනකු තුවාල ලබා ඇති බවත් බැග්ඩෑඩ් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
ප්‍රහාරයෙන් මියගිය බව කියන 32 දෙදෙනා එම ස්ථානයේදීම මරණයට පත්ව ඇති බවත් තුවාල ලැබූ පිරිස් මේ වනවිට විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන බවද තවමත් දැඩිසත්කාර වළ මාරාන්තික තුවාල සහිත රෝගීන් සිටින බවත් ඉරාක සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේය.