එම්.ඕ .එච් දෙදෙනාට කෙල ගැසූ පුද්ගලයාට වසර 6 ක සිරදඬුවම්

බණ්ඩාරගම, අටුලුගම මාරාව ප්‍රදේශයේදී පසුගිය දිනක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගසමින් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරුට එරෙහිව වසර 6 ක සිර දඬුවම් නියම කිරීමට පානදුර අධිකරණයේ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (21) නියෝග කළේය.

මෙම සිරදඬුවමට අමතරව විත්තිකරුට රුපියල් 10,000ක දඩයක් ද නියම කෙරිණි. එසේම, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනා ඇතුළු රාජකාරි සඳහා කැබ් රථයේ ගමන් ගත් සිව්දෙනාට රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Leave A Reply

Your email address will not be published.

2 × five =