“රාජ්‍ය අනුග්‍රහයෙන් විකාර කරනවා – අද පැණිය විගඩමක් වෙලා”

“ආයුර්වේද හෙළ පාරම්පරික වෙදකම පසෙකලා පැණියක් පසුපස දිවීම හේතුවෙන් රටේ මිනිසුන් මුළාවට පත්කරල, සෞඛ්‍ය අමාත්‍ය තුමිය වස කුප්පියක් ගෙනත් දුන්නත් බීල දායි එහෙමද සෞඛ්‍ය ඇමති තුමිය කරන්න ඕනෙ. මේ පැණිය විකාරයක් වෙලා” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද(20) පාර්ලිමේන්තුවේදී පැවසීය.
.
“පැණිය කෝප්පයක් බිව්ව පියල් නිශාන්ත මහතාට අද කොවිඩ් වැළඳිලා. සෞඛ්‍ය ඇමතිවරිය ප්‍රසිද්ධියේ පැණිය බීලා පෙන්නනවා. මේවා පර්යේෂණ කරලා වාර්තාවක් ගන්න ඕනේ. ඕකට වහ දාලා ගෙනත් දුන්නනම් මොකද වෙන්නේ. මට කනගාටුයි කතානායකතුමත් මේකට සම්බන්ධ වුනා.

කිසිම හෙවිල්ලක් නෑ බොනවා. මොනවද මේ විකාර වැඩ. මේකෙන් ආයුර්වේදයත් හෑල්ලුවට ලක්වුණා.

පිළිගත් ආයුර්වේද වෛද්‍යවරු තමන් මේ රෝගය හොඳ කරන්න ඉල්ලුවත් රාජ්‍ය අනුග්‍රහය ඒවට ලැබුණේ නෑ. මේ පැණියක් පස්සේ දුවනවා. ඇමැතිත් ඒ පස්සේ යනවා. හරියට රයිගමයයි ගම්පොළයයි වගේ.”යනුවෙන් ද අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේ කල්තැබීමේ යෝජනාවට එක්වෙමින් කියා සිටියේය.

රාජ්‍ය අනුග්‍රහයෙන් විකාර කරන්න එපා – අනුර කතානායකට කියයි – Lanka YouTV – YouTube

Leave A Reply

Your email address will not be published.