ලිංගික අතවර චෝදනාවට කිරිඇල්ල ප්‍රා.ලේ.ට ඇප !
කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, ප්‍රාදේශීය ළමා ආරක්ෂණ නිලධාරිනියක විසින් සිදුකරන ලද පැමිණිල්ලක් අනුව කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම්වරයා අත්අඩංගුවට ගෙන රත්නපුර අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
පසුව ඔහුව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහැරීමට අධිකරණය නියම කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (19) දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය.
ප්‍රාදේශීය ළමා ආරක්ෂණ නිලධාරිනිය විසින් පසුගිය 15 වැනිදා තමන්ට සිදු කළ ලිංගික අතවරයක් සම්බන්ධයෙන් අදාළ ප්‍රාදේශීය ලේකම්වරයාට එරෙහිව පැමිණිල්ලක් කිරිඇල්ල පොලීසිය වෙත ඉදිරිපත් කර තිබිණි.