ශ්‍රී ලංකා සංචිතයෙන් කුසල් මෙන්ඩිස් ඇතුළු 5 ක් ඉවතට

එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයේ සිටි ක්‍රීඩකයින් පස් දෙනෙකුට සංචිතයෙන් ඉවත්ව යාමට නියෝග කර ඇත.

කුසල් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, මිනෝඩ් භානුක සහ ලහිරු කුමාරට මෙලෙස ශ්‍රී ලංකා සංචිතයෙන් මෙලෙස ඉවත්ව යාමට අවසර ලබා දී ඇති අතර, නායක දිමුත් කරුණාරත්න ගේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් දෙවන ටෙස්ට් තරගයෙන් ඉවත් කොට තිබෙනවා.

එංගලන්ත කණ්ඩායම සමඟ බ්‍රහස්පතින්දා (21) ගාල්ලේ දී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනයේදී තවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුව සංචිතයෙන් ඉවත් කරනු ඇති බවද වාර්තාවේ.

Leave A Reply

Your email address will not be published.