“සංචරණ සීමා නොපැන වූ නිසා සමස්ථ රට වැසියන් ජීවිත වලින් වන්දි ගෙවමින් සිටියි”

- උපුල් රෝහණ

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සිය ෆේස් බුක් ගිණුමේ අද (19)මෙලෙස සටහනක් තබා තිබිණි ඒ පහත පරිදිය.
“පසු ගිය නත්තල් උත්සව සමයේ සහ නව අවුරුදු උත්සව සමයේ රට තුල අවම වශයෙන් දිස්ත්‍රික් සංචරණ සීමා පනවන ලෙස අප සංගමය ඉල්ලා සිටි අතර එය සිදු නොකළහොත් 2021 වසරේ ජනවාරි දෙවන සහ 3 වන සති වන විට අගනුවරින් බැහැර ප්‍රදේශ වල COVID 19 ආසාදනය පාලනය කල නොහැකි මට්ටමින් පැතිර යා හැකි බවටත් අනතුරු ඇඟවූවෙමු. කෙසේ වුවත සංචරණ සීමා නොපැන වූ අතර ඒ තීරණයට මේ වන විට ජීවිත වලින් සමස්ථ රට වැසියන් වන්දි ගෙවමින් ඇත. පවතින තත්වය අනුව ඉදිරි සති කිහිපය මීටත් වඩා අවාසනාවන්ත තත්වයක් උද්ගත වෙනු ඇති බැවින් සියලු දෙනාගේ ආරක්ෂාව සලසා ගන්නා ලෙස ඉල්ලා සිටීම හැර අපට වෙන කල හැක්කක් නොමැත. කෙසේ වෙතත් අප විසින් අප විසින් මේ රටේ නිර්ධන පන්තියේ අහිංසක මිනිසුන්ගේ ජීවිත රැක ගැනීම සඳහා උපරිම ශක්තිය ලබා දෙන බව සිහිපත් කල යුතුය. එසේම මෙම තත්වය මහජන නියෝජිතයින්ගේ වරදක් නිසා සිදු වුවක් නොව ඔවුන්ට උපදෙස් දෙන මහජන මුදල් අන්තිම සතය දක්වා සුරාකමින් වැටුප් ලබන සුදු කරපටි කාරයින්ගේ කෙරුවාව නිසා උද්ඝත වෙමින් පවතින බව මහජනතාව අවබෝධ කරගත යුතුය. ඔවුන්ට මෙයින් කිසිම ගැටළුවක් ඇති නොවන්නේ කරපටි වලින් මුවා වී සමාජයට සුන්දර බස් තෙපලමින් නිරෝධායන නීති කඩන්නට නීතියේ සමානාත්මතාවය විනාශ කරන්නට අපගේ අවසන් රුපියල දක්වා සුරා කෑමට ඔබගේ දාඩිය සුවඳ නොදැනෙන මානයේ ශීත කාමර වල වසන්නන්ට සහ දුහුවිලි බොරළු නොදැනෙන මානයේ ශීත වාහන වල යන්නට ඔබ විසින් සමාජ ක්‍රමය සකසා දී ඇති නිසාවෙනි.”  – උපුල් රෝහණ

Leave A Reply

Your email address will not be published.