ධම්මික පැණිය පානය කළ පියල් නිශාන්තගේ බිරිය හා දියණියටත් කොවිඩ්

රාජ්‍ය ඇමති පියල් නිශාන්තගේ බිරිය හා දියණියට ද කොවිඩ් – 19 ආසාදනය වී ඇති බව ඊයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීකෂණවලින් තහවුරු වී තිබේ. කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමෙන් අනතුරුව රාජ්‍ය ඇමැතිවරයා, බිරිය සහ දියණිය කොග්ගල ප්‍රදේශයේ යුද හමුදාව මගින් පාලනය කරන ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කර තිබේ.

පියල් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයාට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි දැනගත් වහා අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්.පීරිස් ද ඊයේ (18) සිට ස්වයං නිරෝධායනය වීමට තීරණය කර තිබේ.
ඊට හේතු වී ඇත්තේ 16 වන සෙනසුරාදා කළුතර ටැංජරින් හෝටලයේ පැවැති උත්සවයකට රාජ්‍ය ඇමැතිවරයා සමග අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස්ද සහභාගි වීමයි.
පියල් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයා එදින කළුතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමටද සහභාගි වී ඇති අතර ඊට
නාමල් රාජපක්ෂ, විදුර වික්‍රමනායක, සිසිර ජයකොඩි යන රාජ්‍ය ඇමැතිවරුන්ද, සංජීව එදිරිමාන්න, ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ පළාත් පාලන නියෝජිතයන්, කළුතර දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් 150ක් පමණ සහබාගී වී තිබේ

මේ අතර මෙම රැස්වීමට සහභාගි වී සිටි සැලසුම් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙක් සහ සංවර්ධන නිලධාරියෙක් කොවිඩ් වැලඳී සිට ඇතැයිද පසුව අනාවරණය වී තිබේ.
අවසානයේ මැති ඇමැතිවරුන් කිහිප දෙනකු සමග පියල් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයා එකට දිවා ආහාරයද ලබා ගෙන කළුතර මුහුදේ දිය නා ඇතැයිද සෞඛ්‍ය අංශවලට අනාවරණය වී තිබේ.

Leave A Reply

Your email address will not be published.

19 + 19 =