අස්ගිරි මහනාහිමිගේ ප්‍රකාශය හෙළා දකින බව දලයි ලාමා පවසති

මුස්ලිම්වරුන්ට අයත් වෙළෙඳසල් වර්ජනය කරන ලෙස ඉල්ලා සිටිමින් සහ ගල් ගසා මරා දැමීම අනුමත කරමින් අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි කළ ප්‍රකාශය කොන්දේසි විරහිතව හෙළා දකින බව දලයි ලාමා පවසති. ආගමික සහජීවනය ප්‍රවර්ධනය කරනු වස් ඇපකැප වී සිටින පුද්ගලයෙකු වශයෙන් එවැනි දෙයක් ප්‍රකාශ කිරීම “සම්පූර්ණයෙන් වැරදිසහගත” බව උන්වහන්සේ පෙන්වා දෙති.

“අපි වෙනස් සම්ප්‍රදායන්ට ගෞරව කළ යුතුයි. ආගමික විශ්වාසය සහ ගෞරවය අතර වෙනස වටහාගත යුතුයි. මම බෞද්ධයෙක්. මගේ විශ්වාසය තිබෙන්නේ බුද්ධාගම කෙරෙහි. නමුත් මම අන් සියලු සම්ප්‍රදායන්ට එක සමානව ගරු කරනවා,” යනුවෙන් ද දලයි ලාමා පැවසූහ. එහිමියන් ඒ බව කියා සිටියේ බීබීසී වාර්තාකාරිනී රාජිනී වෛද්‍යනාදන් අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් මෑතකදී කළ ප්‍රකාශය පිළිබඳ කළ විමසීමකදීය.

අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් ජුනි 15 වෙනිදා පළ කළ ප්‍රකාශය දැඩි මතෙභේදයට තුඩු දුන් අතර පසුව ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ද උන්වහන්සේ ක්‍රියා කර තිබිණි.

BBC

Leave A Reply

Your email address will not be published.

2 × one =