රුපියල් කෝටි දෙකකට අලෙවි කිරිමට යද්දී වාලම්පුරියක් අල්ලයි

ඉතා බලගතු ශක්තියක් සහිත වාලම්පුරියක් බව කියමින් රුපියල් කෝටි 2 කට අලෙවි කිරීමට සුදානම් වූ වාලම්පුරියක් සමග සැකකරුවන් 6 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පිරිසක් ඊයේ (18) සවස අම්බලන්තොට දී අත්අඩංගුවට ගෙන තිබේ.

වාලම්පුරි අලෙවි කිරිම හා ඒවායේ සැප සම්පත් ගැන ව්‍යාජ තොරතුරු පළ කරමින් කරන වංචනික ක්‍රියා මෙන්ම ව්‍යාජ ලෙස සකස් කළ වාලම්පුරි විකිණිමේ ජාවාරම් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කීවේය.

අම්බලන්තොට විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරක් මත උපාය දූතයෙකු මාර්ගයෙන් මෙම පිරිස ගෙන්වා ගෙන අත්අඩංගුවට ගත් බවත් සැකකරුවන් සමග ලෑන්ඩ්කෘෂර් වර්ගයේ ජිප් රථයක් ද පොලිස් භාරයට ගත් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අත්අඩංගුවට ගත් වාලම්පුරිය හම්බන්තොට ජලිජිවි දෙපාර්තමේන්තුවට ලබා දී ඇති අතර සැකකරුවන් හා ජිප්රථය අම්බලන්තොට පොලිසියට බාර දී තිබේ.

Leave A Reply

Your email address will not be published.