කොවිඩ් නිසා දෙහිඅත්තකන්ඩිය පාසල – ප්‍රා.සභාව වසා දමයි !
කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වීම නිසා දෙහිඅත්තකන්ඩිය ජාතික පාසල සහ දෙහිඅත්තකන්ඩිය ප්‍රාදේශීය සභා කාර්යාලය අද (19) උදෑසන වසා දැමිණි.
දෙහිඅත්තකන්ඩිය මහවැලි නිල නිවාස, ගුරු ගම්මානය, දොලකන්ද, කැලේගම සහ සදමඩුල්ල යන ප්‍රදේශවලින් ආසාදිතයන් වාර්තා වී ඇති බවත්, ඔවුන්ගේ ආශ්‍රිතයන්ට අදාළ පීසීආර් පරීක්ෂණ අද සහ හෙට දිනවල සිදුකරන බවත් දෙහිඅත්තකන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි චනිත් පේදුරුආරච්චි සදහන් කරයි.