වොෂින්ටන්හි කැපිටල් ගොඩනැගිල්ල වසා දමයි

ආරක්ෂාවට ඇතිවූ තර්ජනයක් හේතුවෙන් අමෙරිකාවේ වොෂින්ටන්හි කැපිටල් ගොඩනැගිල්ල වසා දමා තිබෙන අතර නව ජනපති ජෝ බයිඩන්ගේ සමාරම්භක උත්සවයේ පෙරහුරුවද අත්හිටුවා තිබේ.

ආරක්ෂක භටයන් දහස් ගනනක් වොෂින්ටන්හි කැපිටල් ගොඩනැගිල්ල ආශ්‍රිතව යොදවා ප්‍රදේශයේ ආරක්ෂාව තරකර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඇමරිකාවේ තේරී පත්වූ නව ජනපති ජෝ බයිඩන් මහතාගේ දිවුරුම් දීමට තවත් ඇත්තේ දින දෙකක් පමණි.
කැපිටල් ගොඩනැගිල්ලේ ට්‍රම්ප් හිතවාදී කණ්ඩායම් විසින් ජනවාරි 06 වැනිදා සිදුකළ කඩාවැදීම හේතුවෙන් 05 දෙනකු මියගිය අතර බොහෝ පිරිසක් තුවාල ලැබුවේය.

Leave A Reply

Your email address will not be published.