රංජන් රාමනායකට මන්ත්‍රී අසුන අහිමි වෙයි!

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවන්ට වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින මන්ත්‍රී රංජන් රාමනායක ගේ පාර්ලිමෙන්තු මන්ත්‍රී අසුන අහිමි වන බව නීතීපතිවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද (18) දැනුම් දී ඇති බව වාර්තා වේ.‍

රංජන් රාමනායකගේ මන්ත්‍රී අසුන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් කළ විමසීමකට අනුව නීතීපතිවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දී ඇත්තේ එම මන්ත්‍රී අසුන අහිමි වීමත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන හිස් වන බවයි.

පසුගිය 12 වැනිදා හිටපු රාජ්‍ය අමාත්‍ය, රංජන් රාමනායක මන්ත්‍රීවරයා වරදකරු බවට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට වසර 04 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.

Leave A Reply

Your email address will not be published.

8 − 6 =