මෙරට කොරෝනා අසාදිත මරණ 270 තෙක් ඉහලට
කොවිඩ් වයිරසය ආසාදනය වීම හේතුවෙන් අද (18)දිනයේ තවත් පුද්ගලයින් 6 දෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.
මෙම මරණ 6 ත් සමඟ වයිරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට මියගිය සමස්ත සංඛ්‍යාව 270 ක් දක්වා ඉහළ ගියේය.
මෙම මරණ 6 පසුගිය 14 සහ 17 යන දිනවලදී එක් මරණය බැගින්ද, 15 වැනිදා මරණ 2 ක්ද, අද වැනිදා මරණ 2 ක්ද වාර්තා වී තිබේ.