ටියුනීසියාවේ මරාගෙන මැරෙන ISIS බෝම්බ ප්‍රහාර දෙකක්

ටියුනීසියාවෙහි ජූනි 27 වනදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් එක් ආරක්ෂක අංශ සාමාජිකයකු මියගොස් තවත් කිහිප දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

පළමු ප්‍රහාරය එල්ල වූයේ ටියුනිස් අගනුවර පොලිස් මුර සංචාර කණ්ඩායමකට එල්ල වී ඇති අතර එහිදී එක් පොලිස් නිලධාරියකු මියගොස් සිවිල් වැසියන් තිදෙනකු තුවාල ලබා ඇත. දෙවන ප්‍රහාරය එල්ල කෙරුණේ ත්‍රස්ත විරෝධී බ්‍රිගේඩයෙහි කඳවුර වෙත ඇතුල් වන ස්ථානයේදීය. එහිදී ආරක්ෂක හමුදාවල සිව් දෙනකු තුවාල ලැබීය. මෙම ප්‍රහාරවල වගකීම තමන් බාර ගන්නා බව ISIS සංවිධානය ප්‍රකාශ කර තිබේ.

උතුරු අප්‍රිකානු රටක් වන ටියුනිසියාවෙහි 2015 දී දැවැන්ත ISIS ත්‍රස්ත ප්‍රහාර දෙකක් සිදු වූ අතර 2015 මාර්තුවේදී බාර්ඩෝ කෞතුකාරයෙහි වූ වෙඩි තැබීමකින් 22 දෙනකු මරණයට පත් විය. ඉන් මාස තුනකට පසු එරට වෙරළබඩ නගරයක් වන සූස් වෙත එල්ල වූ ප්‍රහාරයකින් 38 දෙනකු මරණයට පත් විය.

Leave A Reply

Your email address will not be published.

10 − six =