කොවිඩ් ආසාදිත පියල් නිශාන්ත ජනපතිගෙ ළගත් ඉදලා !

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට ඔහු විසින්ම ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.

ඒ අනුව මේ වන විට ඔහුගේ කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකුද නිරෝධායනයට ලක් කර ඇත.
මේ අතර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පසුගිය 15 වනදා විවෘත කෙරුණු දකුණු ආසියාවේ විශාලතම ටයර් සහ රේඩියර් ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව වන “ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගම” (Ferentino Tire Corporation- PVT Ltd) විවෘත කිරීමේ උත්සවයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමගින් එක්ව සිටියේය.

විවෘත කිරීමේ උත්සවයේදී ඔවුන් දෙදෙනා සමීපව කටයුතු කරන ආකාරයද ඡායාරූපවල දැකිය හැකි විය. ඒ අනුව ක්‍රියාත්මක සෞඛ්‍ය රීති අනුව ජනාධිපතිවරයා ඔහුගේ ළගම ආශ්‍රිතයෙකි.

Leave A Reply

Your email address will not be published.

2 × 2 =