මත්ද්‍රව්‍ය ජාවාරමට අනුබල දුන්නැයි පොලිස් පරික්ෂක අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබලදීමේ චෝදනාව මත අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්ත පොලිස් පරික්ෂකවරයෙකු අනුරාධපුර මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා විසින් අද (18) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර ප්‍රදේශයේදි පොලිස් පරික්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබි ජංගම දුරකථන 5 ක් මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා බාරයට ගෙන ඇත.

පොලිස් පරික්ෂකවරයාගේ දුරකතන දත්ත විශ්ලේෂණය කිරිමෙන් අනතුරුව ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමකට යම් ආකාරයකින් අනුබලදීම ගැන තොරතුරු ලැබී තිබෙන බවත් ඒ අනුව පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

අත්අඩංගුවට ගත් කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරික්ෂකවරයා අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කර දින 7 ක කාලයක් සදහා රැදවුම් නියෝග මත රදවාගෙන ප්‍රශ්න කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

Leave A Reply

Your email address will not be published.