නිරෝධායන නීති කැඩු සාදයේ සිටි 56 ට නඩු

සෞඛ්‍ය බලධාරින් දැනුම්වත් නොකර මැදිරිගිරිය ප්‍රදේශයේ පැවැත්වූ සාදයක සිටි 54 දෙනෙකු හා හෝටලයේ දෙදෙනෙකු මැදිරිගිරිය පොලිසිය මගින් ඊයේ (17) සවස අත්අඩංගුවට ගෙන ඇත.

එහි සිටි තරුණයින් 39 ක් තරුණියන් 13 ක් හා හෝටලයේ හිමිකරු මෙන්ම කළමනාකරුද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව එහි සිටි තරුණයින් තිදෙනෙකු හැර සෙසු පිරිස පොලිස් ඇප මත මුදා හැරිමට ද පොලිසිය කටයුතු කර තිබේ.

මොවුන් සෞඛ්‍ය බලධාරින් හෝ පොලිසිය දැනුම්වත් නොකර සාදයක් පවත්වා ඇති අතර එය නිරෝධායන නිති උල්ලංඝනය කිරිමක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

එසේම එම ස්ථානයේ සිටි තරුණයින් තිදෙනෙකු ලග කංසා තිබි ඇති බැවින් ඔවුන් හිගුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

ඊට අමතරව නිරෝධායන නිති කඩ කිරිම යටතේ ඇප මත මුදාහැරි අය ඇතුළු 56 දෙනාට එරෙහිව හෙට (19) හිගුරක්ගොඩ අධිකරණය හමුවේ මැදිරිගිරිය පොලිසිය නඩු පවරන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය. එසේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කොට ඇති මාර්ගෝපදේශ අනුව සාද පැවැත්විය යුතු බවත් එම නිසා සාද පැවැත්වීමට පෙර සෞඛ්‍ය බලධාරින් දැනුම්වත් කළ යුතු බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Leave A Reply

Your email address will not be published.

eighteen + twenty =