රන්ජන්ට පාර්ලිමේන්තු එන්න අවසර ඉල්ලයි

ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාගේ සිද්ධියේදී ඔහුට පාර්ලිමේන්තු ලබාදීමට කතානායකවරයා අවසර ලබා දුන් ආකාරයට වසර හතරක බරපතළ සිර දඩුවම් ලැබ සිටින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වීමට අවස්ථාව දෙන ලෙස සමගි ජන බලවේගය කතානායකවරයාගෙන් අද(18) ඉල්ලීමක් කළේය.

අද පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති පක්ෂ නායක රැස්වීම අතරතුරදී ඉහත ඉල්ලීම කථානායකවරයාගෙන් කරනු ලැබුවේය.

සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් යන මන්තිවරුන් මෙහිදී කතානායකවරයා වෙත දිගින් දිගටම කරුණු ඉදිරිපත් කර තිබේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තු සැසිවාරයේදී කරුණු දක්වන බවද ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවැසීය.

Leave A Reply

Your email address will not be published.